ඒ, කොහුවල පාලම යටදී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් PickMe රයිඩර් සහෝදරයෙකුගේ නිසල සිරුරක් හමුවී ඇති බවට පළවූ සටහනයි.
බොහෝ දෙනෙකුගේ නෙතඟට කඳුළක් උනමින්, දහස් ගණනක් දෙනා Share කරමින් සංවේදී වූ මෙම පුවත සම්බන්ධයෙන් අප කොහුවල පොලිසියෙන් හදිසි විමසීමක් සිදු කරනු ලැබුවා.
එහිදී පොලිසිය විසින් තහවුරු කර සිටියේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බවයි..
සමාජ මාධ්‍ය හරහා කිසිදු සොයා බැලීමකින් තොරව මෙලෙස පැතිර යන ව්‍යාජ පුවත් හේතුවෙන් මහජනතාව නොමග යන අතර, එවැනි අසත්‍ය තොරතුරු හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසයි පොලිසිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.