ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ, මේ වන විට දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 200 ත් 300 ත් අතර පහළ අගයකට පැමිණ ඇති බවයි.
කෙසේ වෙතත්, මේ අවුරුද්දේ මේ වෙනකම් මුළු ඩෙංගු රෝගීන් 90,625 ක් වාර්තා වී ඇති අතර, කණගාටුදායක ලෙස ඩෙංගු මරණ 65 ක් සිදුව තිබෙනවා.
එමන්ම, මේ අවුරුද්දේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගතවූ මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,973 ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් අනාවරණය කළේ.
රෝගීන්ගේ අඩුවීමක් තිබුණත්, පරිසරය පිරිසිදුව තබාගනිමින් තවදුරටත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට වගබලාගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.