ඒ, කලපුවේ ගමන් කළ වල්ලමක් පෙරළී යාමෙන් එකම පවුලේ අහිංසක දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන්.
ඊයේ (11) දහවල් කාලයේදී මසුන් ඇල්ලීමට යොදාගන්නා දැල් රැගෙන ඒම සඳහා මව, පියා සහ දරුවන් දෙදෙනා මෙලෙස වල්ලමකින් ගමන් කරමින් සිට තිබෙනවා. එම අවස්ථාවේදී අවාසනාවන්ත ලෙස වල්ලම කලපුව මැදදී පෙරළී ගොස් ඇති අතර, සතර දෙනාම දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පසු ඔවුන්ව වහාම කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් අවුරුදු 7 ක කුඩා පිරිමි දරුවා සහ අවුරුදු 13 ක ගැහැණු දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සිටියා.
සිද්ධියෙන් දැඩි ලෙස අසනීප වූ දරුවන්ගේ මව කල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.