හැබැයි ඔහු ගැන ඔබ නොදන්න, ඔහුගෙම වචනයෙන් හෙළි කරපු මාරම රසකතාවක් තමයි අද අපි මේ කියන්න යන්නේ.හිරු හිතක මතක වැඩසටහනට එකතු වුණු දේවින්ද, තමන්ගේ පාසල් කාලේ සුන්දර මතකයන් සහ දහම් පාසල් ගිහින් අනාගත්තු අපූරු කතාවක් ගැන හෙළි කළේ කාවත් හිනා ගස්සවමින්!
දේවින්ද කියන්නේ පාසල් යන කාලේ ඉඳලම උපන් දක්ෂතා තිබුණු කෙනෙක්. ඉස්කෝලේ ෆ්‍රී පීරියඩ් එකක් ආවොත් ගුරුවරු මුලින්ම හොයන්නේ දේවින්දව. සින්දුවක් කියන්න, යාලුවෝ එකතු කරගෙන නාට්‍යයක් කරන්න එයාට තිබුණේ පුදුම හැකියාවක්.
හැබැයි ඉතින් තරුණ අවදියේ දඟකාරකම්වලිනුත් අඩුවක් තිබිලා නෑ. ගුරුවරුන්ගේ අවසරයක් ලැබුණු ගමන්, ඒ පොඩි නිල බලය පාවිච්චි කරලා කවකටු පෙට්ටිවලින් මේසෙට ගහලා සින්දු කියද්දි බැනුම් අහපු වාර ගණනත් අනන්තයි. මේ දක්ෂතා නිසාම වටේ පිටේ ඉස්කෝලවල හිටපු ගෑනු ළමයින්ගෙත් ලොකු ආකර්ෂණයක් එදා දේවින්දට ලැබිලා තියෙනවා. අන්තර් පාසල් තරඟවලට, නාට්‍ය පෙන්නන්න ගියාම දේවින්ද ඒ කාලෙත් පොඩි තරුවක්ලු!
පාසල් ජීවිතේ කොහොම වුණත්, දේවින්දගේ දහම් පාසල් ජීවිතේ නම් හරිම කෙටියි. දහම් පාසල් ගීතයවත් මතක හිටින තරම් කාලයක් එයා දහම් පාසල් ගිහින් නෑ. ඒකට හේතුවෙලා තියෙන්නෙත් එක සින්දුවක්! ඉතින් ඔබ නොදන්න ඒ කතාව අහලම බලන්නකෝ...