අවුරුදු 27කට පස්සේ අහසේ සිදුවෙන මේ අපූරු සංසිද්ධිය දැකගන්න මේ වෙද්දීත් යුරෝපය පුරාම ලොකු සූදානමක් තියෙනවා.
ඔබත් එක්සත් රාජධානියේ හෝ යුරෝපයේ ජීවත් වෙන කෙනෙක් නම්, මේක නම් කොහොමවත්ම මිස් කරගන්න එපා!
මේ සූර්යග්‍රහණය එක්සත් රාජධානියේ සියලුම ප්‍රදේශවලට වගේ දැකගන්න පුළුවන්. විශේෂඥයන් පවසන විදිහට, ස්ථානය අනුව සූර්යයාගෙන් සියයට 96ක් දක්වා ප්‍රමාණයක් සඳ මගින් ආවරණය වෙන්න නියමිතයි.
වේලාව: බ්‍රිතාන්‍යයේ සූර්යග්‍රහණයේ උපරිම අවස්ථාව අද සවස 6.58 ත් 7.15 ත් අතර සිදුවීමට නියමිතයි.
වඩාත්ම හොඳින් පෙනෙන ප්‍රදේශ: Devon, Cowall සහ වේල්සයේ Pembrokeshire හි බටහිර ප්‍රදේශවලදී සූර්යයාගෙන් 94% ත් 96% ත් අතර ප්‍රමාණයක් ආවරණය වෙනවා.
උතුරු අයර්ලන්තය, West Midlands සහ ස්කොට්ලන්තයේ බටහිර ප්‍රදේශවලට මේක 92% - 94% ක් විතර දැකගන්න පුළුවන්.
මේ වෙනකොටත් සූර්යග්‍රහණය බලන්න පාවිච්චි කරන විශේෂ ආරක්ෂිත කණ්ණාඩිවලට බ්‍රිතාන්‍යය පුරාම මාරම ඉල්ලුමක් හැදිලා තියෙනවා කියලා BBC පුවත් සේවය සඳහන් කරනවා.
බ්‍රිතාන්‍යයට මේක අර්ධ වශයෙන් පෙනුණත්, යුරෝපයේ අනිත් රටවලට පූර්ණ සූර්යග්‍රහණයක් විදිහටම දැකගන්න පුළුවන්. රුසියාව, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ පෘතුගාලය වගේ රටවල අයට මේක පැහැදිලිවම පේනවා.
විශේෂයෙන්ම ස්පාඤ්ඤයේ Bilbao, Valencia සහ Palma වගේ ප්‍රදේශවලට මේ පූර්ණ සූර්යග්‍රහණය ඉතාමත් පැහැදිලිව පේන නිසා, මේ දුර්ලභ අවස්ථාව බලන්නම ලොව පුරා ඉඳන් ලක්ෂ 5කට ආසන්න සංචාරකයින් පිරිසක් ස්පාඤ්ඤයේ උතුරු දිගට ඇවිත් ඉන්නවාලු!
මේ හැමදේම අස්සේ අවාසනාවන්ත ආරංචියකුත් තියෙනවා. ඒ තමයි බ්‍රිතාන්‍යයේ සමහර ප්‍රදේශවලට අද හවසට තියෙන කාලගුණය නම් එතරම් යහපත් නැහැ. උතුරු වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයේ සමහර ප්‍රදේශවලට හවස 6 ත් 7 ත් අතර වලාකුළු සහ වැසි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් නිසා සූර්යග්‍රහණය බලන්න බාධා ඇතිවෙන්න ඉඩ තියෙනවා.
පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවෙද්දී දවල් කාලයේ වුණත් කෙටි වෙලාවකට මුළු ප්‍රදේශයම අඳුරු වෙනවා. බ්‍රිතාන්‍යයට මේ වගේ ලොකු සූර්ය ආවරණයක් දැකගන්න ලැබෙන ඊළඟ අවස්ථාව එන්නේ 2081 වසරේදීයි. ඒ වගේම බ්‍රිතාන්‍යයටම පූර්ණ සූර්යග්‍රහණයක් දැකගන්න නම් 2090 වෙනකන්ම බලාගෙන ඉන්න වෙනවා! ඉතින් අද හවසට අහස දිහා බලන්න අමතක කරන්න එපා.