ඒ, එරටට බලපෑ දරුණු භූමිකම්පාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 250 සීමාවත් ඉක්මවා යමින්.
රික්ටර් මාපකයේ 7.4ක අතිශය ප්‍රබලත්වයකින් යුතුව හටගත් මෙම භූමිකම්පාව පෙරේදා අලුයම හටගෙන ඇත්තේ කොලොම්බියාවේ කෝපි වගා කරන ප්‍රධාන ප්‍රදේශයක් ආශ්‍රිතවයි. මෙය මෙම සියවසේදී කොලොම්බියාවට බලපෑ දරුණුතම සහ විනාශකාරී භූමිකම්පාව ලෙස සැලකෙන බවයි විදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.
භූමිකම්පාවේ දරුණුකම කොතරම්ද යත්, උස මහල් නිවාස, පාසල්, නිවාස මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් සම්පූර්ණයෙන්ම වගේ පොළවට සමතලා වී අළුධූලි වී ගොස් තිබෙනවා.
ඊයේ උදෑසන වන විට ලැබුණු වාර්තාවලට අනුව මරණ සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අතරින් Pereira ප්‍රදේශයෙන් පමණක් පුද්ගලයින් 101 දෙනෙකු සහ කොලොම්බියාවේ තෙවැනි විශාලතම නගරය වන Cali ප්‍රදේශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.
සුන්බුන් අතර තවමත් විශාල පිරිසක් සිරවී සිටින බවට සැක කෙරෙන අතර, ඔවුන් මුදාගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විටත් දැවැන්ත, අසීරු මෙහෙයුමක නිරත වෙමින් සිටිනවා.