ඒ අනුව හෙට රාත්‍රී 07.00ට පාවාඩ පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.
එම කාලය තුළ 119 මහරගම - දෙහිවල ප්‍රධාන බස් මාර්ගයේ, බොරලැස්ගමුව මංසන්ධියේ සිට බෙල්ලන්තර මංසන්ධිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
එම නිසා එම වේලාවන්හිදී අදාළ මාර්ග භාවිත කරන රථවාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.