ඒ, ලංකාවේ මෙතෙක් නිර්මාණය කළ දිගම නයි සරුංගලය අහසට යවමින් අලුත් වාර්තාවක් තබමින්..
අඩි 5600ක්, ඒ කියන්නේ කිලෝමීටර එකහමාරකටත් වඩා දිග මේ යෝධ නයි සරුංගලය අහසට යවන රූපරාමු මේ වන විට සමාජ මාධ්‍ය පුරා ලැව් ගින්නක් සේ පැතිර යනවා.
සති ගණනාවක් තිස්සේ මහන්සි වෙලා, කැපවීමෙන් හදපු මේ සරුංගලය අහසට නඟිද්දී වටපිටාවේ හිටපු සෙනඟගේ කෑගැසීම්වලින් මුළු පරිසරයම ගිගුම් දුන් බවයි ආරංචි වන්නේ. මෙච්චර දිග සරුංගලයක් එකපාරටම පාලනය කරගෙන අහසට යවන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.
"IDH නයා" කියන්නේ දැන් සරුංගල් ලෝකයේ අලුත්ම මාතෘකාවයි. සමාජ මාධ්‍ය තුළත් බොහෝ දෙනෙක් මේ කොල්ලන්ගේ නිර්මාණශීලීත්වයට සහ උත්සාහයට අගය කරමින් ප්‍රතිචාර දක්වනවා.