ඔබත් පහත සඳහන් ප්‍රදේශවල පදිංචි අයෙක් නම් හෝ අද දිනයේ පිටතට යන්නේ නම් කුඩයක් ලෑස්ති කරගෙනම යන එක ඇඟට ගුණයි!
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි: බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැක.
වැසි වාර කිහිපයක්: වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතියි.
සවස 2.00 න් පසු වැසි: ඌව පළාතේ මෙන්ම මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං හමන අතර අකුණු මගින් සිදුවන අනතුරු ද ඉහළ යා හැක. එම නිසා අකුණු අනතුරු සහ තද සුළංවලින් සිදුවන හානි අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.