ඒ අනුව ප්‍රදේශ රැසක අහස වලාකුළින් බරව පවතිනු ඇති බවයි වාර්තා වන්නේ.
මි.මී. 75 ට වැඩි තද වැසි: සබරගමුව පළාත, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි: සබරගමුව, බස්නාහිර පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක
වැසි වාර කිහිපයක්: වයඹ පළාත
වැසි තත්ත්වයට අමතරව ප්‍රදේශ කිහිපයකටම තද සුළං හමා යාමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තද සුළං ඇතිවිය හැකි ප්‍රදේශ: උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්
සුළගේ වේගය: පැයට කිලෝමීටර් 40 - 50 දක්වා
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.