මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින්, මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ සම්පූර්ණ බලය ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරන්නට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගෙන තිබෙනවා.
ඒ කියන්නේ, ඔබේ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය අනුව පාසල පවත්වනවාද නැද්ද යන්න විදුහල්පතිවරයා විසින් තීරණය කරනු ඇති.
ඔබේ දරුවා හැටන් හෝ නුවරඑළිය කලාපයේ පාසලකට යනවා නම්, දරුවා පාසල් යැවීමට පෙර අදාළ පන්තිභාර ගුරුතුමියගෙන් හෝ පාසලෙන් අද දවසේ පාසල පැවැත්වෙනවාද යන්න පිළිබඳව තහවුරු කරගන්නා ලෙස අපි මතක් කරනවා.