නිෂ්පාදන වියදම් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 50 දක්වා ඉහළ යා හැකි බව කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ පවසනවා.
මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල බිත්තරයක සිල්ලර මිල රුපියල් 47 ත් 48 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර සඳහන් කළා. බඩ ඉරිඟු ආනයනය සඳහා ලබාදී තිබූ බලපත්‍ර අවලංගු කිරීම හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩ ඉරිඟු සපයා ගැනීම දැඩි අර්බුදයක් බවට පත්ව ඇති වීම ඊට මූලික හේතුවයි.
මේ හේතුවෙන් සත්ත්ව ආහාර මිල ගණන් ද මේ වන විට 10% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
තවද, මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 95 ක් පමණ වුවද, පවතින ගැටලු සහ පවතින කාලගුණික තත්ත්වයන් හමුවේ දෛනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 70 දක්වා අඩුවී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.