දිගින් දිගටම ඇසුණු මේ නඩුවේදී නීතිපතිවරයා ගොනු කරලා තිබුණු චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන්න පැමිණිලි පාර්ශවය සමත් වෙලා තියෙනවා කියලා විනිසුරු මඩුල්ල තීරණය කළා. අන්න ඒ නිසා, මේ නඩුවේ ප්‍රධානතම සැකකරු විදිහට සැලකෙන නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙක්ම තමන්ට එල්ල වෙලා තිබුණු සියලුම චෝදනාවලට වරදකරුවන් කියලා අද අධිකරණය තීන්දු කළා. (10 වැනි විත්තිකරු 16 වැනි චෝදනාවෙන් පමණක් නිදොස් කොට නිදහස් කර තිබෙනවා).
හැබැයි, මේ නඩුවේ හිටපු තවත් විත්තිකරුවන් 9 දෙනෙක්ට එරෙහිව තිබුණු චෝදනා ඔප්පු කරන්න පැමිණිල්ල අසමත් වුණු නිසා, ඒ 9 දෙනාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නත් ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කරලා තියෙනවා.
සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් කියන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තමයි මේ ඓතිහාසික නඩු තීන්දුව ලබාදුන්නේ.
ඉතින් මේ වරදකරුවන් වුණු 15 දෙනාට අනිවාර්යයෙන්ම බරපතළ දඬුවම් හිමිවෙන බව නිසැකයි. ඒ දඬුවම් මොනවාද කියලා තීරණය කරන්න අධිකරණය තාවකාලිකව විනාඩි 10කට කල් තියලයි තියෙන්නේ. අවුරුදු ගාණකට පස්සේ වින්දිතයන්ට සාධාරණයක් ඉටුවෙන මේ මොහොත ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් කරගෙනම යන්න.