දඩ ගෙවන්න වෙනවනේ. හැබැයි මේ කියන්න යන්නේ දවසක් දෙකක් නෙමෙයි, හරියටම අවුරුදු 132ක් පරක්කු වෙලා පොතක් ගෙනත් දීපු අපූරු සිදුවීමක් ගැනයි. අමෙරිකාවේ නිව් හැම්ප්ෂයර්වල තියෙන කොන්කෝඩ් (Concord) මහජන පුස්තකාලයට තමයි මේ පුදුම හිතෙන අත්දැකීමට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.
1894 අවුරුද්දේ, ඒ කියන්නේ මීට දශක ගණනාවකට කලින් කවුරුහරි කෙනෙක් මේ පුස්තකාලයෙන් අරන් ගිය 'The Century Illustrated Monthly Magazine' කියන සඟරාවේ 1894 සැප්තැම්බර් කලාපය තමයි මේ විදිහට ආපහු ලැබිලා තියෙන්නේ. භාරදෙන්න ඕන දවසේ ඉඳන් හරියටම දින 48,220ක් පරක්කුයි! මේකට නියම විදිහට දඩ මුදල හැදුවා නම් අමෙරිකානු ඩොලර් 12,055ක් (ඒ කියන්නේ ලංකාවේ සල්ලිවලින් රුපියල් ලක්ෂ 36කටත් වැඩියි) ගෙවන්න වෙනවා.
මේක පුස්තකාලයට භාර දීලා තියෙන්නේ 'ජෝන්' කියන පුද්ගලයෙක්. මේ සඟරාව දශක ගණනාවක් තිස්සේ තමන්ගේ ගෙදර තිබුණට ඒක ගෙදරට ආවේ කොහොමද කියලා ජෝන් දන්නෙත් නෑලු. කොහොමහරි කොන්කෝඩ් පුස්තකාලය විසින් 2026 සැප්තැම්බර් 01 වෙනිදා ඉඳන් අවුරුද්දක කාලෙකට "ප්‍රමාද දඩ අහෝසි කිරීමේ" විශේෂ කාලයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ ගැන පත්තරේක දැකපු ගමන් තමයි ජෝන් ඉක්මනට මේක ගෙනත් දීලා අර මහා දැවැන්ත දඩ මුදලින් නූලෙන් බේරිලා තියෙන්නේ!
"දඩ සහනයක් දුන්නාම මිනිස්සු සතුටින් පරක්කු වුණු පොත් ගෙනත් දෙයි කියලා අපි හිතුවා. හැබැයි 19 වෙනි සියවසේ අගභාගයේ සඟරාවක් මේ විදිහට ලැබෙයි කියලා නම් අපි හීනෙකින්වත් හිතුවේ නෑ" කියලා පුස්තකාල බලධාරීන් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ පුදුමයෙන් සටහන් කරලා තිබුණා.
කොහොම වුණත් මෙච්චර කල් ගිහින් ලැබුණු මේ දුර්ලභ සඟරාව නම් ආයෙත් සාමාන්‍ය කාටවත් පරිශීලනය කරන්න දෙන්නේ නෑ. ඒ වෙනුවට ප්‍රදේශයේ ඓතිහාසික තොරතුරු වෙනුවෙන් වෙන් කරලා තියෙන පුස්තකාලයේ 'කොන්කෝඩ් කුටිය' (Concord Room) ඇතුළේ ඓතිහාසික සිහිවටනයක් විදිහට මේක පරිස්සමට තැන්පත් කරන්නලු පියවර අරගෙන තියෙන්නේ.