වැස්සත් එක්ක ඇතිවෙලා තියෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා අද (21) දවසේ පාසල් 38ක්ම සම්පූර්ණයෙන්ම වහලා දාන්න බලධාරීන් පියවර අරගෙන තියෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මේ වැස්සෙන් වැඩිපුරම බැට කාලා තියෙන්නේ මධ්‍යම පළාත කියලා තමයි ආරංචි වෙන්නේ. මොකද අද වහලා දාපු පාසල් 38න් 35ක්ම තියෙන්නේ මධ්‍යම පළාතේ. ඊට අමතරව සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වලිනුත් එක පාසල ගානේ අද දවසට වහලා දාන්න පළාත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කරලා තියෙනවා.
එතකොට හෙට අනිද්දා මොකද වෙන්නේ? දිගටම ඉස්කෝල වහයිද?
ඒ ගැනත් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ දැනුම් දීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ, මේ අයහපත් කාලගුණය දිගටම තිබුණොත්, තමන්ගේ පළාතේ පාසල් පවත්වනවාද නැද්ද කියලා තීරණය කරන්න ඒ ඒ පළාත් අධ්‍යාපන බලධාරීන්ට සම්පූර්ණ බලය පවරලයි තියෙන්නේ. ඉතින් දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා ඉස්සරහටත් හදිසි නිවාඩු ලබා දෙන්න පළාත් බලධාරීන් කටයුතු කරාවි!