මේ අනාවැකිවලට අනුව අද දවස සමහරුන්ට සුපිරි දවසක් වෙද්දී, තවත් සමහරු ටිකක් පරිස්සම් වෙන්න ඕනේ හැඩයි!
එක් එක් ලග්නයට අද දවස කොහොමද කියලා අපි එකින් එක බලමු.
මේෂ (Aries): අද නම් සල්ලි වියදම් කරද්දි දෙපාරක් හිතන්න වෙනවා. අය වැය සමබරව තියාගන්න කියලා තමයි මේෂ ලග්න හිමියන්ට කියන්නේ.
වෘෂභ (Taurus): ප්‍රශ්න ආවා කියලා බයවෙන්න එපා! අද ඔබට ඕනෑම බාධකයක් ජය ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා.
මිථුන (Gemini): අද දවසේ වැඩ කරද්දි ටිකක් කල්පනාවෙන් වැඩ කරන එක තමයි ඇඟට ගුණ. හදිසි තීරණ ගන්න එපා.
කටක (Cancer): රැකියා කරන අයට අද මරු දවසක්! ඔෆිස් එකේ වැඩ කටයුතුවලට අද බොහොම සුබයි.
සිංහ (Leo): සිංහ ලග්න කට්ටියට අද ටිකක් පාළුව දැනෙයි වගේ. අද දවසේ තනිවම කාලය ගත කරන්න සිද්ධ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
කන්‍යා (Virgo): ඉගෙන ගන්න දරුවන්ට සහ විභාගවලට මුහුණ දෙන අයට අද ඉතාමත් සුබ දවසක්. අධ්‍යාපන කටයුතුවලට අද දවස සුපිරි!
තුලා (Libra): අද සමාජයේ කැපී පෙනෙන, හැමෝගෙන්ම ගෞරවය හිමිවෙන සුබ දවසක්.
වෘශ්චික (Scorpio): පර්ස් එකට තට්ටු වෙන ලකුණු! අනවශ්‍ය වියදම් පාලනය කරගන්න කියලා වෘශ්චික ලග්නකාරයින්ට විශේෂයෙන් මතක් කරනවා.
ධනු (Sagittarius): රට යන්න බලාපොරොත්තුවෙන් හිටපු අයට සුබ ආරංචි! විදෙස් ගමන්වලට අද දවස ඉතාමත් සුබයි.
මකර (Capricorn): අද අත ගහන හැම වැඩේම ගොඩ! සියලුම කටයුතු සාර්ථක වෙන වාසනාවන්ත දවසක්.
කුම්භ (Aquarius): කෑම බීම ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. අද උදරාබාධ ඇතිවීමේ අවදානමක් තියෙනවා.
මීන (Pisces): අද හිතට පොඩි අවුල් ගතියක්, පීඩාකාරී බවක් දැනෙන්න පුළුවන්.
හිත නිදහස්ව තියාගන්න උත්සාහ කරන්න. වැදගත් සටහන: අද දවසේ සුබ වැඩක් පටන් ගන්නවා නම්, උදේ 07.30 ඉඳන් 09.00 වෙනකන් තියෙන රාහු කාලය මඟහරින්න වගබලාගන්න. ඒ වගේම අද ඉර උදාව උදේ 06.00ට සිද්ධ වෙන අතර, ඉර බැසීම හවස 06.08ට සිදුවන බවයි සඳහන් වෙන්නේ.