මෙතෙක් කල් රහසක්ව තිබුණු, සූර්යයාගේ මතුපිට සිදුවන සුළි සුළං වැනි දැවැන්ත ක්‍රියාකාරීත්වයන් රැසක් මේ නවතම ඡායාරූප සහ වීඩියෝ මගින් හරිම අපූරුවට අනාවරණය වෙලා තියෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එ විතරක් නෙමෙයි, සූර්යයාගේ තියෙන උණුසුම් වායු ධාරාවල චලනයන් නිසා එහි චුම්භක ක්ෂේත්‍රය මෙලෙස හැරවීමට සහ ගමන් කිරීමට ලක්වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙනවා.
ලෝක ප්‍රකට 'Nature' විද්‍යාත්මක සඟරාව මගින් එළිදක්වපු මේ විස්මිත ඡායාරූප පෙළ ලබාගෙන තියෙන්නේ, හවායි දූපත්හි දූවිලිවලින් තොර හරිම පැහැදිලි අහසක් තියෙන උස් කඳු මුදුනක හදලා තියෙන 'ඉනූයි සූර්ය දුරේක්ෂය' (Inouye Solar Telescope) ආධාරයෙන්...