ඇයගේ රංගනයට වගේම ඒ අහිංසක, සුන්දර රූපයට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් ලංකාව පුරාම ඉන්නවා.
නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක රැඳිලා ඉන්න පූජනී, පහුගිය දවසක ඇගේ ෆේස්බුක් පිටුවට හරිම අපූරු ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.
මේ ඡායාරූපවල පූජනී සැරසිලා හිටියේ ඉතාමත් ආකර්ෂණීය, ලස්සනම ලස්සන නිල් පාට ඇඳුමකින්. සාමාන්‍යයෙන් ඕනෑම ඇඳුමක් ලස්සනට දරාගන්න පුළුවන් පූජනීට, මේ නිල් පැහැති ඇඳුමෙන් ලැබිලා තිබුණේ අමුතුම ලස්සනක්. ඇයගේ සුන්දර හිනාවත් එක්ක මේ ෆොටෝස් ටික දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිත් ඇදබැඳගන්න එක අහන්නත් දෙයක්ද?
තරුණ පරපුරේ ආදරේ නොඅඩුව දිනාගත්තු පූජනී භාග්‍යාට, හැමදාමත් මේ වගේම ලස්සනට, සතුටින් වගේම සාර්ථකව කලා කටයුතු කරගෙන යන්න කියලා අපිත් ආදරයෙන් ප්‍රාර්ථනා කරමු!