දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණයත් සමග යළිත් වතාවක් ඩෙංගු වසංගතයක් හිස එසවීමේ දැඩි අවදානමක් මතුවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් කරනවා.
මේ තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ දැනටමත් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර අවසන්. ඊයේ (14) සිට ලබන 19 වැනිදා දක්වා, දිවයිනේ ප්‍රධාන පළාත් කිහිපයක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක විශේෂ ඩෙංගු මර්දන සතියක් මේ වන විටත් ක්‍රියාත්මකයි.
තත්ත්වයේ බරපතළකම පෙන්වන අලුත්ම දත්ත:
මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති මුළු ඩෙංගු ආසාදිතයින් ගණන 97,634ක්!
ඩෙංගු මාරයාට බිලි වූ ජීවිත සංඛ්‍යාව 74ක්!
මේක සෙල්ලමට ගන්න එපා! මේ දිනවල ඔබේ නිවස, කාර්යාලය සහ වත්ත පිටියේ ජලය එකතු වන ස්ථාන ඇත්නම් අදම පිරිසිදු කරගන්න.