Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
09
AI වලට ඡායාරූප දාන සැවොම දැනගත යුතුම ඇත්ත මෙන්න.. නොමිලේ දෙන ටූල්ස්වලින් වෙන දරුණු විපත ගැන විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්..

- AI වලට ඡායාරූප දාන සැවොම දැනගත යුතුම ඇත්ත මෙන්න.. නොමිලේ දෙන ටූල්ස්වලින් වෙන දරුණු විපත ගැන විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

321 Views

නව AI රැල්ලේ ඔබේ ඡායාරූප සහ පෞද්ගලික දත්තවල අවසන් නවාතැන කොතැනද කියා ඔබ මොහොතකටවත් සිතුවාද?


මේ පිළිබඳව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයින් දෙදෙනෙකු දක්වන අදහස් ඇතුළත් කරමින් බීබීසී සිංහල සේවය විසින් අනාවරණය කළ භයානක සත්‍යය මෙන්න.

අප නොමිලේ භාවිත කරන බොහෝ AI වේදිකා වෙත අප ලබාදෙන දත්ත, ඔවුන්ගේ පද්ධති වැඩිදියුණු කිරීමට (Model Training) භාවිත කරන බව නොරහසක්.

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර මහතා පෙන්වා දෙන්නේ, පරිශීලකයින් බොහෝ විට තමන්ගේ සංවේදී පෞද්ගලික ඡායාරූප මෙලෙස AI පද්ධතිවලට ලබාදීමෙන් දැඩි වගකීම් විරහිත ලෙස කටයුතු කරන බවයි.

ChatGPT වැනි පද්ධතිවල නියමයන් සහ කොන්දේසිවලට අනුව අප ලබාදෙන ඡායාරූප ඔවුන්ගේ පුහුණු දත්ත ලෙස භාවිත කිරීමට ඉඩ ඇති බව ඔහු අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු තිනුරි තිසේරා මහත්මිය පවසන්නේ, වෙනත් අයෙකුගේ සමාජ මාධ්‍යවල ඇති ඡායාරූප අරගෙන, AI හරහා නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ බවට පත්කර, තර්ජනය කර මුදල් ලබාගැනීමේ සහ ලිංගික අතවර කිරීමේ දරුණු ප්‍රවණතාවක් දැනටත් වාර්තා වන බවයි.

එපමණක් නොව, අනාගතයේදී ඔබ AI සමඟ බෙදාගන්නා පෞද්ගලික දත්ත සහ ඡායාරූප යොදාගෙන ඔබ වැනිම රොබෝ ක්ලෝනයක් (Robot Clone) නිර්මාණය කිරීමට හෝ ජංගම දුරකථනවල Face ID පද්ධති බිඳහෙළීමට පවා ඉඩකඩ ඇති බවට ඇය අනතුරු අඟවනවා.

AI දත්ත ගබඩා යම් හෙයකින් හැක් වුවහොත් හෝ ලීක් වුවහොත්, එම දත්ත ඩාක් වෙබ් (Dark Web) තුළ අලෙවි විය හැකියි. එවිට ඔබේ රුව යොදාගනිමින් ව්‍යාජ හැඳුනුම්පත් හෝ ගුවන්ගමන් බලපත්‍ර (Passports) පවා වංචනික ලෙස නිර්මාණය කිරීමේ දැඩි අවදානමක් පවතිනවා..

ඡායාරූපයක අඩංගු වන්නේ අපට පෙනෙන රූපය පමණක් නොවේ. එය ලබාගත් ස්ථානය (Location), දිනය, වේලාව සහ උපකරණය පිළිබඳ තොරතුරු (Metadata) එහි අඩංගුයි. AI හෝ සමාජ මාධ්‍ය වෙත මෙවැනි ඡායාරූප එක්කිරීමෙන් ඔබේ පෞද්ගලික ආරක්ෂාව පවා දැඩි අවදානමකට ලක්විය හැකියි.

නොමිලේ ලබාදෙන AI ටූල්ස් (Free AI Tools) භාවිත කිරීමේදී අපගේ දත්ත ගබඩා වන ආකාරය හෝ ප්‍රොසෙස් වන ආකාරය පිළිබඳව අපට කිසිදු පාලනයක් නැහැ.

එබැවින් නොමිලේ දෙන AI ටූල්ස් භාවිත කරමින් තමන්ගේ සහ තම ආදරණීයයන්ගේ සංවේදී ඡායාරූප උඩුගත කිරීමට පෙර දෙපාරක් සිතන ලෙසත්, ඩිජිටල් ලෝකයේ 100% ක්ම ආරක්ෂිත විය නොහැකි බැවින් මෙහි ඇති ප්‍රතිවිපාක පිළිබඳවද අවධානයෙන් සිටින ලෙසත් විශේෂඥයින් ජනතාවට දැඩි ලෙස අවධාරණය කරනවා...

- BBC පුවත් සේවය ඇසුරෙන් -
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top