ඊයේ දවසට සාපේක්ෂව අද වන විට දේශීය වෙළෙඳපොළේ රන් මිල එකවරම රුපියල් 2000කින් පහළ බැස තිබෙනවා.
ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමයේ නිල වාර්තාවලට අනුව, ඊයේ රුපියල් 377,000කට අලෙවි වූ කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් 375,000 දක්වා අඩු වී තිබෙනවා.
ඒ වගේම සාමාන්‍යයෙන් බොහෝ දෙනා ආභරණ හදන්න ගන්නා කැරට් 22 රන් පවුමක් ඊයේ රුපියල් 347,000ක් ලෙස පැවති අතර, එයද අද දිනයේ රුපියල් 345,000 දක්වා පහත වැටී අවසන්.
මේ ක්ෂණික මිල පහත වැටීමට ප්‍රධානම හේතුව විදිහට දැක්වෙන්නේ ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ඇති වූ සුළු පසුබෑමයි. රත්තරන් ගන්න බලාපොරොත්තුවෙන් හිටපු අයට මේ ලැබුණු පුංචි සහනයත් එක්ක කොළඹ හෙට්ටිවීදිය පැත්තේ රන් ආභරණ වෙළෙඳසැල්වලට අද වෙනදාට වඩා පාරිභෝගිකයින්ගේ ඇල්මක් ඇතිවෙයි කියලයි ආරංචි වෙන්නේ.
ඉදිරි දිනවලදී රන් මිල තවත් අඩු වෙයිද නැත්නම් ආයෙත් උඩ යයිද කියන එක ගැන හැමෝගෙම ඇස් දැන් රන් වෙළෙඳපොළ වෙත යොමුවෙලා තියෙනවා.