දඹුල්ල ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ ඥාතියකුගේ අවමංගල්‍ය උත්සවයක් සඳහා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී මෙම අනතුර සිදු වෙලා තියෙනවා කියලා තමයි දැන ගන්නට ලැබෙන්නේ...
අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පිත්තලකොන්ඩෑරුම කරඹේ ගමේ පදිංචිව සිටි 47 හැවිරිදි දිල්කි මදුෂානි ගුණසිංහ නැමැති මව සහ ඇගේ පුතු වන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 24 හැවිරිදි නිකේෂ් රුවන්ත දිල්ෂන් නැමැති තරුණයායි.
මරදන්කඩවල දෙස සිට කැකිරාව දෙසට එකම දිශාවට ධාවනය වූ යතුරුපැදිය සහ ලොරිරථය ගමන් කර ඇති අතර, ලොරිරථය එකවරම දකුණට හැරවීමට යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මව සහ පුතු වහාම මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාම මිය ගිහිල්ලා තියෙනවා.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.