තමන්ගේ රංගන ප්‍රතිභාවෙන් වගේම මනස්කාන්ත රූපශෝභාවෙන්ද රසික හදවත් එක මොහොතකින් නතු කරගන්න ඇයට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්.
පසුගිය දවසක ශෙහානි ඇගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ අපූරු ඡායාරූප පෙළක් මේ වන විට මුළු සමාජ මාධ්‍ය අවකාශයම උණුසුම් කරමින් ලැව්ගින්නක් සේ පැතිර යනවා. දකුණු ඉන්දීය දමිළ සිනමාවේ අග්‍රගණ්‍ය නිළියකගේ පෙනුම සිහිගන්වන අතිශය අලංකාර සාරියකින් සැරසී සිටින ශෙහානි, සම්ප්‍රදායික ආකර්ෂණයත් සරාගී බවත් එකට මුසු කරමින් කළ මේ ෆොටෝෂූට් එක දුටු සැණින් ඕනෑම කෙනෙකුගේ නෙත් වශී කරවන සුළුයි.
හැබැයි මේ හැමදේටම වඩා කාගෙත් දැඩි අවධානය දිනාගත්තේ ඒ ඡායාරූප සමඟින් ඇය තබා තිබූ ප්‍රබල, ආත්මවිශ්වාසයෙන් පිරි සටහනයි...
“She walks with grace, speaks with fire, and knows exactly who she is. A little Tamil ponnu energy, a little desi soul, and a whole lot of woman power. Naan en vazhi-la poitu irukken...”
“ඇය ඇවිද යන්නේ අභිමානයෙන්, කතා කරන්නේ ගින්දරෙන්, තමන් කවුදැයි ඇය මනාව දන්නීය. පොඩි දමිළ ගැහැනු ළමයෙකුගේ ජවයක්, දේශීය ආත්මයක් සහ පිරිපුන් කාන්තා බලයක්... මම යන්නේ මගේම ගමනක...” යනුවෙන් ඇය තැබූ ඒ වදන් පෙළ ඇතුළේ තිබෙන්නේ කිසිවෙකුට නොනැමෙන, තමන්ගේම අනන්‍යතාවය මත නැගී සිටින ස්ත්‍රීත්වයේ සැබෑ ශක්තියයි.
සාරියේ රැළි අතරින් ඉස්මතු වන ඇගේ දමිළ සම්ප්‍රදායික හැඩය, තීක්ෂණ බැල්ම සහ ඒ ප්‍රතාපවත් පෙනුම රසිකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.