ඒ ප්‍රසිද්ධ පෞද්ගලික ගුවන් සේවා සමාගමකට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් ඇයට එරෙහිව රුපියල් කෝටි 3ක දැවැන්ත සිවිල් අපහාස වන්දි නඩුවක් ගොනු කිරීමත් සමඟයි.
ගුජරාට් හි ගාන්ධිනගර් අධිකරණයේ මෙම නඩුව පවරා තිබෙන්නේ ප්‍රකට පෞද්ගලික ගුවන් සේවා සමාගමක් වන ඩූන්ස් ඇවියේෂන් (Dunes Aviation) සමාගම විසිනි.
සිද්ධියට මුල් වී ඇත්තේ 2025 දෙසැම්බර් මාසයේදී මුම්බායි සිට ජායිපූර් දක්වා පියාසර කළ Cessna Citation CJ2 වර්ගයේ කුලී ගුවන් යානයක් තුළදී නොරා විසින් පටිගත කරන ලද වීඩියෝ කිහිපයක්. ඇය තම මිලියන 46කට අධික ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් හමුවේ එම ගුවන් යානය පෙන්වමින්, එය පුංචි එකක් , සෙල්ලම් බඩුවක් සහ ලෙගෝ ප්ලේන් එකක් ලෙස උපහාසාත්මකව හඳුන්වා දී තිබුණා.
ඩූන්ස් ඇවියේෂන් සමාගම අධිකරණය හමුවේ පවසන්නේ නොරාගේ මේ වගකීම් විරහිත ප්‍රකාශ නිසා තම සමාගමේ කීර්තිනාමයට අතිවිශාල හානියක් සිදුවූ බවයි. ඇගේ වීඩියෝවෙන් පසු ගුවන් යානා වෙන්කරවා ගැනීම් 15% සිට 20% දක්වා ප්‍රමාණයකින් එකවරම පහත වැටී ඇති අතර, බුකින්ග්ස් අවලංගු කිරීම්ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් සිදු වූ පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි 3ක වන්දියක් ඉල්ලා ඇති සමාගම, අදාළ වීඩියෝ වහාම සමාජ මාධ්‍යවලින් ඉවත් කරන ලෙසත්, නොරා විසින් ප්‍රසිද්ධියේ සමාව ගනිමින් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවටත් නියෝග නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
මෙම ආන්දෝලනාත්මක නඩුව ලබන සැප්තැම්බර් 25 වැනිදා අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. කෙසේ වෙතත්, කරවටක් හිරවී ඇති මේ දැවැන්ත නඩුව සම්බන්ධයෙන් නොරා ෆතේහි මේ වන තෙක් කිසිදු නිල ප්‍රකාශයක් හෝ ප්‍රතිචාරයක් දක්වා නැහැ.