Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
11
සැප්තැම්බරය වෙනකම් ජලය තියෙනවා… ඊට පස්සේ ? ජල මූලාශ්‍ර 1,897ක් දැනටමත් අවදානමේ..

- සැප්තැම්බරය වෙනකම් ජලය තියෙනවා… ඊට පස්සේ ? ජල මූලාශ්‍ර 1,897ක් දැනටමත් අවදානමේ..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

522 Views

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ජල මූලාශ්‍ර 5,464කින් 1,897ක් අවදානම් තත්ත්වයට පත්ව තිබුණත්, සැප්තැම්බර් අවසානය දක්වා ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ජල සංචිත පවතින බව ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

මේ වනවිට දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පානීය ජල හිඟයක් මතුව ඇති අතර, ඒ හේතුවෙන් පවුල් 40,945ක් පීඩාවට පත්ව තිබෙනවා.

එම ජනතාවට බවුසර් මගින් මෙන්ම වෙනත් ක්‍රම ඔස්සේද ජලය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාතික ජල සම්පාදන ව්‍යාපෘතිවලට බලපෑම සීමිතයි

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් පවත්වාගෙන යන ජල සම්පාදන ව්‍යාපෘති 352කින් මේ වනවිට වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇත්තේ ව්‍යාපෘති දෙකක් පමණක් බවද අමාත්‍යවරයා පැවසුවා.

ඒ අතර මොනරාගල සහ මඩකලපුව ප්‍රදේශවල ව්‍යාපෘති ඇතුළත්.

කෙසේ වෙතත්, මඩකලපුවේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන උන්නච්චි ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් පවුල් 75,000කට පමණ ලබාදෙන ජල සැපයුම පැය 24 සිට පැය 20ක් දක්වා අඩු කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මාසයේ වර්ෂාව ලැබෙන තෙක් පවතින ජලය කළමනාකරණය කරගත හැකි බව දැනුම්දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

හදිසි තත්ත්වයක් ඇති වුවහොත් භාවිත කිරීම සඳහා ළිං තුනක් ඉදිකිරීමටද කටයුතු කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

විශාල ජලාශවල ජල ධාරිතාව කොපමණද ?

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විශාල ජලාශවල වර්තමාන ජල ධාරිතාව සියයට 34ක් පමණ වන අතර, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට අවසන් කර ඇති බවද සඳහන්.

ඒ අනුව සැප්තැම්බර් අවසානයේ වර්ෂාව ලැබෙන තෙක් පානීය ජල අවශ්‍යතා කළමනාකරණය කරගැනීමට පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

මේ අතර මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශවල සාමාන්‍ය ජල ධාරිතාව සියයට 50කට වැඩි මට්ටමක පවතින බවත්, ජල පිරිපහදුව සඳහා අවශ්‍ය ජලය ලබාගැනීමේ ගැටලුවක් මේ වනවිට නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අම්පාරේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව සියයට 25ක් පමණ වුවද, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම අවසන් කර ඇති බැවින් වර්ෂාව ලැබෙන තෙක් එම ජලය ප්‍රමාණවත් වනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු පැවසුවා.

බස්නාහිරට තවමත් අවදානමක් නැහැ

කළු ගඟ සහ කැලණි ගඟ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව ලැබීම හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගිකයින් ලක්ෂ 13කට පමණ මේ වනවිට අවදානමක් නොමැති බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත්, ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ජල මූලාශ්‍ර 5,464 අතරින් 1,897ක් වියළි කාලගුණය හේතුවෙන් අවදානම් තත්ත්වයට පත්ව ඇති බැවින්, ඉදිරි කාලයේ වර්ෂා තත්ත්වය සහ ජල මට්ටම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවනු ඇති බව පැහැදිලියි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top