1994 වසරේදී ග්‍රීක නිර්මාණකාරියක වන ක්‍රිස්ටිනා ස්ටැම්බෝලියන් විසින් නිර්මාණය කරන ලද මෙම ඇඳුම, "Revenge Dress" හෙවත් ‘පළිගැනීමේ ඇඳුම’ ලෙස විලාසිතා ලොව තුළ ප්‍රකටව තිබෙනවා.
එවකට චාල්ස් කුමරු තමන් විවාහ ජීවිතය තුළ ඩයනා කුමරියව අත්හැර දැමූ බව ප්‍රසිද්ධියේ පිළිගත් වාර්තාමය වැඩසටහනක් විකාශය වී පැය කිහිපයකට පසුව, ඩයනා කුමරිය සර්පන්ටයින් ගැලරියේ පැවැති උත්සවයකට මෙම ඇඳුම ඇඳගෙන සහභාගී වීම ඊට හේතුවයි.
මෙම ඓතිහාසික ඇඳුම වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් 300,000කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 9කට අධික) ආසන්න මුදලකට අලෙවි වනු ඇති බවට අපේක්ෂා කරන බව Sotheby's වෙන්දේසි ආයතනය පවසනවා.
මෙය, 1997 වසරේදී ඩයනා කුමරිය විසින් පුණ්‍යාධාර සඳහා ඇගේ ඇඳුම් 79ක් වෙන්දේසි කිරීමෙන් පසුව, මෙම නිශ්චිත ඇඳුම වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව බව ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.