සැබෑ ගොවීන්ට සිදුවන මෙම අසාධාරණයට එරෙහිව හිඟුරක්ගොඩ නව වෙළෙඳ සංකීර්ණයේ වහලය මත නැගී ගොවි සංවිධාන නියෝජිතයෙකු ආරම්භ කළ මෙම සත්‍යග්‍රහ විරෝධතාව අද (12) දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා.
මෙලෙස වහලය මත නැගී විරෝධතාවයේ නිරත වන්නේ පුලතිසි ගොවිජන එකමුතුවේ අබේපුර ශාඛාවේ ලේකම් එස්. සමරවීර මහතායි.
අද දිනයේදී ඔහුගේ මෙම සාධාරණ සටනට සහය පළ කිරීම සඳහා තවත් ගොවි සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටි අතර, ඔවුන් දැඩි ලෙස අවධාරණය කළේ අස්වැන්න නෙළා තිබුණද වී සඳහා සාධාරණ සහතික මිලක් ලබාදීමට ආණ්ඩුව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
මේ අතර, අම්පාරේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ගල්ඔය වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති වයි.පී. ආනන්ද ජයරත්න ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ රැස්වීම් පැවැත්වීමට වඩා මිලදී ගත් වී සඳහා අදාළ මුදල් ලබාදීමට කටයුතු කරන ලෙසයි.