ඒ, ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවෙසක් මතට පෙරළීමෙන් සිදුවූ දරුණු අනතුරක් ගැනයි.
අනතුරින් තුවාල ලැබූ පිරිස වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ බලධාරීන් විසින් 'සුවසැරිය' ගිලන් රථ යොදාගනිමින් රෝහල් ගත කිරීමට පියවර අරගෙන තිබුණා..
මේ වන විට ලැබෙන වාර්තා වලට අනුව, අනතුර නිසා නිවසේ සුන්බුන්වලට යටවූ පිරිසක් සිටින බවට සැක කෙරෙන අතර, ඔවුන් මුදාගැනීම සඳහා පොලිසිය සහ යුද හමුදා නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා.