Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
11
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කෙරේ.... සමාජ මාධ්‍යයේ පළ වූ අසත්‍ය ප්‍රචාරවලටත් උත්තර...

- ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කෙරේ.... සමාජ මාධ්‍යයේ පළ වූ අසත්‍ය ප්‍රචාරවලටත් උත්තර...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

382 Views

ලෝවැසි බොදු ජනතාවගේ මුදුන් මල්කඩක් වන්නා වූ ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කරලා තියෙනවා...


මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවට අනුව මේ ස්වර්ණමය මහ කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04ක් බවත් එහි රත්තරන් කිලෝග්‍රෑම් 65.224ක්, විවිධ මැණික් ගල් කිලෝග්‍රෑම් 1.480ක් සහ පැස්සුම් සඳහා භාවිත කළ උපකාරක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.822ක් අඩංගු වෙනවා...

මේ බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහා නා හිමි සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දීලා තියෙනවා කියලා තමයි සදහන් වන්නේ...

ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටීම පිණිස අභිනවයෙන් පූජා කළ මෙම ස්වර්ණමය මහ කරඬුවක් සම්බන්ධයෙන් සමාජගත වන සාවද්‍ය තොරතුරු පැහැදිලි කරමින් මෙම ලිපිය යොමුකරලා තියෙනවා.

මෙම ස්වර්ණමය මහ කරඬුවේ පූජා කර්මය 2026 සැප්තැම්බර් 08 වන දින මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා, දියවඩන නිලමේතුමා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් චිරාගත සම්ප්‍රදායානුකූලව මෙම පුණ්‍යකර්මය සිදුකර ඇති බව එම නිල දැනුම්දීමට අනුව අනාවරණය කරලා තියෙනවා.

මෙම කරඬුව නිර්මාණය කර තියෙන්නේ ඇතුල්කෝට්ටේ පදිංචි කමන්ත අමරසේකර ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතෛෂීන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සහ මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුමැතිය ඇතිවයි...

දෙවැනි විමලධර්මසූරිය රජු විසින් ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සම්පූර්ණ කරන ලද, සුවිශේෂී ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි රන් ආලේපිත රිදී මහ කරඬුව එහි අනන්‍යතාව සුරැකෙන පරිදි ශ්‍රී දළදා මාලිගාවේ අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට පියවර ගනිමින් තිබෙනවා.

1853 ආඥා පත්‍රය ප්‍රකාරව ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව, තේවාව සහ සියලු අයිතිවාසිකම් උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇති අතර, ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ පවතින සුවිශේෂී ගෞරවය හා භක්ත්‍යාදරය ලෝකවාසි ජනතාව හමුවේ තහවුරු කිරීම මෙම පූජාවේ ප්‍රධාන පරමාර්ථය වූ බව ද එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top