සිද්දිය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි...
කොළඹ ඉදලා බණ්ඩාරවෙල දක්වා ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක හදිසියේ ම තිරිංග ක්‍රියා විරහිත වෙලා තියෙනවා... මේ හේතුවෙන් ලොරි රථයේ රියදුරු ලොරි රථය දුම්රිය මාර්ගය දෙසට ධාවනය කරවා පෙරළී යාමෙන් අද (11) සවස අනතුරක් සිදුව තිබෙනවා.
උඩරට මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙල අතර පිහිටි කොළතැන්න දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී තමයි මේ අනතුර සිදු වෙලා තියෙන්නේ.
තිරිංග අක්‍රිය වූ අවස්ථාවේ ලොරි රථයට ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ද ගැටී ලොරි රථය දුම්රිය මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර, අනතුරින් ලොරි රථයේ රියදුරු සහ යතුරුපැදිකරු සුළු තුවාල ලබලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
කොහොම වුණත් මේ සිදුවීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.