ඒ, රජයේ මැදිහත්වීමෙන් යුත් ජාතික නැකැත් කමිටුව විසින් ලබා දී ඇති ලිප ගිනි මෙළවීමේ නැකත බරපතල ශාස්ත්‍රීය දෝෂ රැසකින් සමන්විත බවට එල්ල වන ප්‍රබල චෝදනාවත් සමඟයි.
නාරද අභිමානි සංසදය පෙන්වා දෙන්නේ 2027 අප්‍රේල් මස 14 වැනි බදාදා පස්වරු 06.18ට ලබා දී ඇති ලිප ගිනි දැල්වීමේ නැකත තුළ බරපතල ගැටලු රැසක් පවතින බවයි.
ජ්‍යොතිෂවේදීන් පෙන්වා දෙන ප්‍රධාන දෝෂ මෙන්න.
ගෝධූලි නැකතේ පටලැවිල්ල සියලු දෝෂ භංග කරන බවට වැරදි කල්පිතයක් මත පිහිටා මෙම නැකත ලබා දී ඇතත්, 'ජ්‍යොතිර් නිබන්ධ සම්ප්‍රදාය' අනුව සංක්‍රාන්ති දෝෂය ඇතුළු ප්‍රබල දෝෂ 11කදී ගෝධූලි නැකතින් කිසිදු දෝෂ භංගත්වයක් සිදු නොවන බව පැහැදිලි කෙරෙනවා.
හෝරාව සම්පූර්ණයෙන්ම වැරදිද? එදින කොළඹ කොටුවට හිරු බැස යාම සිදුවන්නේ පස්වරු 06 පසුවී මිනිත්තු 18යි තත්පර 54ටයි. ඒ අනුව නැකැත් කමිටුව සිතා සිටි රවි හෝරාව වෙනුවට එතැන ක්‍රියාත්මක වන්නේ කුජ හෝරාවයි.
ගිනි ඇවිළීමේ හා පිලිස්සුම් අවදානමක්? රවි සහ කුජ යන ග්‍රහයන් දෙදෙනාම ‘ගණ්ඩාන්ත දෝෂයට’ හසුවී සිටින අතර කුජ ග්‍රහයා දුර්වලව සිටීම නිසා පාලිත අග්නිය වෙනුවට හදිසි ගිනි ඇවිළීම් හෝ පිළිස්සුම් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවට අනතුරු අඟවනවා.
මීට අමතරව, ජාතික නැකැත් කමිටුව තුළ ව්‍යාපාරික අරමුණු සහිත කල්ලි ගැසුණු පිරිසකගේ කූට සැලසුම් ක්‍රියාත්මක වන බවටත්, සෘෂි මතය පසෙකලා ලිත් මාෆියාවක් වෙනුවෙන් රටත්, පාලකයන්වත්, පොදු ජනතාවත් අවදානමකට ඇද දමන බවටත් නාරද අභිමානි සංසදය දැඩි චෝදනා නගනවා. ඉදිරියේදී මේ පිළිබඳ රට පුරා ජනතාව දැනුවත් කිරීමට සූදානම් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.