ඒ, වේගය පාලනය කරගත නොහැකි වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ වැලි තීරුවේ ගමන් කරමින් සිටි පාසල් ළමුන් දෙදෙනෙකු යටකරගෙන යාමෙන්.
සපුගස්කන්ද දෙසට අධික වේගයෙන් ධාවනය වී ඇති අදාළ කැබ් රථය, රියැදුරුට පාලනය කරගත නොහැකිව පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ ළමුන් දෙදෙනා වහාම කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණා.
එලෙස රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බරපතල තත්ත්වයේ පසු වූ අනෙක් සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මෙලෙස අකාලයේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ ගෝනවල ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක්.
අනතුර සම්බන්ධයෙන් අදාළ කැබ් රථය සහ එහි රියැදුරු සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සපුගස්කන්ද පොලීසිය මගින් ක්‍රියාත්මකයි.