ඒ, කඳින් වෙන් කරන ලද මිනිස් හිසක් ගං ඉවුර ආසන්නයේ තිබී හදිසියේම සොයාගැනීමත් සමඟයි.
පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට ලැබුණු හදිසි තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ මොරටුමුල්ල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ පිහිටි වඩුමඩුවක පිටුපස ගඟ ඉවුරට ආසන්නව තිබියදී මෙම මිනිස් හිස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සොයාගන්නා අවස්ථාව වන විටත් අදාළ මිනිස් හිස බෙහෙවින් නරක් වී සතුන් විසින් කා දමා ඇති ආකාරයක් දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කළා.
සිද්ධියේ බරපතලකම සලකා ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්(SOCO) මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) විශේෂ කණ්ඩායමක්ද එම ස්ථානයට කැඳවා පුළුල් පරීක්ෂණ සහ විමර්ශන පවත්වනු ලැබුවා.
කඳින් වෙන්වී තිබූ අදාළ හිස කොටස මේ වන විට පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෙම බිහිසුණු ඝාතනය සිදුකළේ කවුරුන්ද සහ මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න අනාවරණය කරගැනීම සඳහා මොරටුමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්බ කරලා තියෙනවා...