අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් එකවරම මාර්ගයෙන් ඉවතට පැන, අසල තිබූ අධිබල විදුලි කණුවක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ පුද්ගලයින් කිහිපදෙනෙකුම ගමන් කර ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් කොළඹ දකුණ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර අරගෙන තියෙනවා..
රියැදුරුට ක්ෂණිකව නින්ද යාම හේතුවෙන් රථයේ පාලනය ගිලිහී ගොස් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය දැනට සැක පළ කරන්නේ.
අනතුරේ ප්‍රබලත්වය නිසාම අධිබල විදුලි කණුවටද දැඩි හානි සිදු වී ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම විසන්ධි වී ඇති බවටයි සඳහන් වන්නේ... සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.