"BREAKING NEWS" ලෙස සකස් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදාළ සටහනක දැක්වෙන්නේ, කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 260කින්, කල්කිරි බෝතලයක මිල රුපියල් 40කින් සහ යෝගට් එකක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බවයි.
කෙසේ වෙතත්, එවැනි කිසිදු මිල ඉහළ දැමීමක් සිදුකර නොමැති බවත්, පළවන එම තොරතුරු පදනම් විරහිත බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කර සිටිනවා.
එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි අසත්‍ය පුවත් නිල හෝ විශ්වාසදායක මූලාශ්‍රයක් මගින් තහවුරු කර ගැනීමකින් තොරව හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසයි එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එමෙන්ම, යම් වෙළෙඳපොළ අක්‍රමිකතාවයක් හෝ සැක සහිත මිල වෙනස්වීමක් පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.