ඔන්න ඉතින් ඊයේ දවසේදී ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා.
ඔහුගේ මේ විශේෂ දවස වෙනුවෙන් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් සුබ පැතුම් එකතු කර තිබූ අතර, ජනප්‍රිය රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු තැබූ සංවේදී සහ ආදරණීය මුහුණුපොත් සටහන බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා.
හේමාල් සමඟ ගත් සුන්දර ඡායාරූපයක්ද එකතු කරමින් ඇය සටහන් කර තිබුණේ මෙලෙසින්,
"සුභ උපන්දිනයක් අයියේ...හේමාල් සචින්ද්‍ර රණසිංහ.
බොහෝ මුහුණු අතරින්, සැබෑම හදවතක් ඇති මිනිසෙකු හමුවීම ඇත්තෙන්ම දුර්ලභ දෙයක්. ශ්‍රී ලාංකීය සිනමාවේදී මට හමුවුණු සුන්දර හදවතක් ඇති මිනිසුන් අතර ඔබත් එක් අයෙක්. ඔබ සමඟ එකට තිරය බෙදාගැනීමටත්, මේ ගමනේ සුන්දර මතකයන් එකතු කරගැනීමටත් ලැබීම ගැන මම ඇත්තෙන්ම වාසනාවන්තයි.
ඔබේ ජීවිතයේ තවත් සුන්දර වසරක් සතුටින්, නිරෝගී සුවයෙන්, වැඩි වැඩියෙන් සාර්ථකත්වයෙන් පිරී යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබේ සියලු සිහින සුන්දර යථාර්ථයන් බවට පත්වේවා...
හැමදාමත් මේ වගේම අව්‍යාජව, ආදරණීයව, අන් අයට ආදර්ශයක් වෙමින් ඉන්න අයියේ… හැමදාමත් බැබළෙන්න...සුභ උපන්දිනයක් අයියේ..."