ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පැව සුවේ ජලාශයේ ජල ධාරිතාව මේ වනවිට 20% දක්වාම අඩු වී ඇති බවයි.
ඔන්න ඉතින් මේ ජලය අඩුවීමත් එක්ක මීට වසර කිහිපයකට කලින් මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතියට යටවුණු "පැරණි ලග්ගල නගරය" ඇතුළු ගම්මාන ගණනාවක නටබුන් ආයෙත් වතාවක් ජලාශ පතුලෙන් එළියට මතුවෙන්න පටන් අරන්...
මෙසේ වතුරෙන් යටවී තිබුණේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 632ක නිවාස, පාසල් 2ක්, විහාරස්ථාන 3ක්, ව්‍යාපාරික ස්ථාන 34ක් සහ රජයේ කාර්යාල 23ක් ඇතුළත් මුළු නගරයක්මයි.
මේ දිනවල ජල මට්ටම බැස යාමත් සමඟ පැරණි ලග්ගල පල්ලේගම, ගුරුවෙල, රාවණාගම, මඩුමාන, ගඟහේන්වල සහ ගෝනවල යන ගම්මානවල අතීත ශේෂයන් යළිත් නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා.
පැරණි ලග්ගල නගරයේ නටබුන්,පැරණි විහාරස්ථාන සහ බුදු පිළිම, ලග්ගලට පිවිසෙන ඓතිහාසික පැරණි පාලම,නිවාසවල අත්තිවාරම්, තාප්ප සහ පැරණි පාරවල් දකින්න පුළුවන්....
දශක ගණනාවක් තිස්සේ මේ පින්බිමේ ජීවත් වුණු පාරම්පරික ජනතාවගේ සුන්දර අතීත මතකයන් නැවතත් සිහිගන්වන අපූරු දසුන් පෙළක් තමයි මේ දිනවල කළුගඟ ජලාශය දෙසින් දැකබලා ගන්න ලැබෙන්නේ.
