මේ දිනවල නාට්‍යය රැසකින් ඔබ හමුවට එන ඇය ප්‍රේක්ෂකයින්ගේ නොමඳ ආදරය දිනු කෙනෙක්..
ඒ වගේම , හිරු ටීවී ඔස්සේ විකාශය වන ඇත්තමයි මං ඔයාට ආදරෙයි ටෙලි නාට්‍යයෙනුත් ඇය ඔබගේ ආලින්දයට එන වග අපි හැමෝම වගේ දන්නවනේ..
ඉතින් මේ ලස්සනම ලස්සන පින්තූර පෙළත් එක්ක ඇය කියපු පුංචිම පුංචි කතාවකුත් මෙන්න මෙහෙම සඳහන් කරන්නම්..
'' ජීවිතයේ කොච්චර ප්‍රශ්න ආවත් මේ ගමන නවත්තන්නේ නෑ . මේක පොඩි තැනකින් පටන්ගෙන ආපු ගමනක්.. දැනට අවුරුදු විසි ගානක් මම මේ ක්ෂේත්‍රයේ , මේ කාලය තුල වපුරපු දේ තමයි අද මම නෙලාගන්නේ කියලා මම විශ්වාස කරනවා. මේ ගමන තුල ලොකු රහසක් නෑ , කරන දේ හරියටම කරන එකයි ලොකුම දේ.. ''



