අදත් ලංකාවේ ගොඩක් පළාත්වලට වැස්සෙන් බේරෙන්න නම් ලැබෙන්නේ නෑ!
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල අයට වගේම මහනුවර, නුවරඑළිය පැත්තේ සීතලේ ඉන්න අයටත් අද කුඩයක් නැතුව නම් එළියට බහින්න එපා කියලයි ආරංචිය. ගාල්ල, මාතර පැත්තේ යන අයටත් කතාව ඒකම තමයි. මේ පැතිවලට නිකම්ම වැස්සක් නෙවෙයි, මිලිමීටර් 75 ට වැඩි සෑහෙන තද වැස්සක් අද බලාපොරොත්තු වෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ අදත් ගෙදරට වෙලා උණු උණුවේ තේ එකක් බොන එක තමයි ඇඟට ගුණ!
ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල අයට උදේ පායලා තිබ්බත් රැවටෙන්න එපා. දවල් 2.00 න් පස්සේ එකපාරටම අහස කළු කරලා ගිගුරුම් සහිත වැස්සක් කඩාගෙන වැටෙන්න පුළුවන් කියලත් කාලගුණයෙන් අනතුරු අඟවනවා.
උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලටත්, මන්නාරම පැත්තටත් අද හුළඟින් පොඩි සද්දයක් දාන්නලු යන්නේ. පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තද හුළඟක් එන්න පුළුවන් නිසා එළියේ පහළියේ ඉන්නකොට, වාහන පාක් කරනකොට ටිකක් විමසිල්ලෙන් ඉන්න.