ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ. එමෙන්ම ඌව පළාතටත්, අම්පාර, මඩකළපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලටත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
මේ අතර උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින්, නැවත දැනුම්දෙනතුරු එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.
මඩකළපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයන්ද විටින් විට රළු විය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මතක් කරන්නේ.