ගුද මාර්ගය යනු, ආහාර මාර්ගයේ අවසන් කෙළවර වන අඟල් හතර හමාරක් පමණ වන ප්‍රදේශයයි. මේ නාඩි වණ දීර්ඝකාලීනව ගුද මාර්ගය තුළ ඇතිවීමෙන් උඩුවණ ඇතිවී භගන්ධර රෝගී තත්ත්ව දක්වා වර්ධනය විය හැකිය. තුවාල හට ගැනීම එමඟින් තුවාල නැවත නැවත සැරව සහිතව මතුවී ටික කලක් සනීපව පැවතී නැවත ඇතිවීම සිදුවෙනවා. මේ තත්ත්වය භගන්ධර ලෙස හැඳින්විය හැකියි. මෙහිදී ගුද මාර්ගය තුළින් සැරව පිට වීම සිදුවෙනවා.
එලෙසම හානිකර ලෙස තුවාල සහ වේදනාවක් රෝගියාට ඇතිවෙන අතර, සමහර විට තුවාල හරහා මල පිටවීමක්ද සිදුවිය හැකියි. මොකක්ද මේ උඩුවණ කියන්නේ..?
මීට කලින් මේ රෝගය ගැන ඔබ අසා තිබුණාද..? ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන උඩුවණ යනු මොනවාදැයි විමසා බැලීමේදී පෙනී යන්නේ, ගුද මාර්ගය අසල සැරව සහිත ගෙඩියක් ඇතිවී එයට සුදුසු ප්‍රතිකාර නොකළ විට එය ඇතුළට ගොස් තුවාලයක් ලෙස දීර්ඝකාලීනව පැවැතීමයි...
මෙහි සැරව පිරී ලේ සහ සැරව පිටවීම සිදුවෙනවා. මේ රෝගී තත්ත්වය මධුමේහය වැනි රෝගවලින් පෙළෙන්නන් අතර බහුලව දක්නට ලැබෙනවා.
මෙය මොවුනට හානිකර තත්ත්වයක් ලෙසද සැලකිය හැකියි.. ගුද මාර්ගය තුළ ඇතිවන ගෙඩි අනුව රෝගී තත්ත්වයද එකිනෙකට වෙනස් විය හැකි අතරම සමහර අවස්ථාවලදී පිළිකාමය තත්ත්ව හේතුවෙන්ද ගුද මාර්ගය තුළ ගෙඩි හටගත හැකිය. සමහර විට හානිකර නොවන ගෙඩිද ඇතිවිය හැකිය.
මේ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. එලෙසම ගුද මාර්ගය අවට කැසීම් ඇතිවී තුවාල සහ බිබිලි හට ගත හැකියි. ආයුර්වේද දර්ශනයට අනුව ගුද මාර්ගය ආශ්‍රිත රෝග මහා රෝග ලෙස සැලකෙනවා. එවැනි රෝගී තත්ත්වවලින් රෝගියාගේ මරණය පවා සිදුවිය හැකි බැවිනි.
මේ රෝග තත්ත්ව සුව කර ගැනුමට ඉතා අපහසු වෙනවා. මේ ආකාරයට ගත් විට ගුද මාර්ගය ආශ්‍රිතව උඩුවණ ඇතිවීමෙන් ඇතිවන තවත් රෝගී තත්ත්වයක් වන්නේ පරිකර්තිකා රෝගයයි. මේ රෝගී තත්ත්වයද රෝගියාට අධික වේදනාවක් ගෙන දෙයි. මේ රෝගය වැලඳුණු විට ගුද මාර්ගය පලන්නාක් බඳු, ඉරන්නාක් බඳු වේදනාවක් ඇතිවේ. බොහෝවිට දවස පුරාම කැක්කුමක් වේදනාවක් ඇතිවෙනවා.
මල පිට වූ පසු ඇතිවන වේදනාව පැය කීපයක් හෝ දවස පුරාම පැවැතිය හැකියි. බටහිර දර්ශනය තුළ මෙය ඒදචතටඪඵඵභපඥ ලෙස හඳුන්වයි. මේ රෝගී තත්ත්වයේදී ගුද මාර්ගයෙන් රුධිරය පිටවීමක්ද සිදුවිය හැකියි. මෙය අර්ශස් රෝගී තත්ත්වයක් ලෙස සමහර රෝගීන් වරදවා වටහා ගන්නවා.
ආයුර්වේද දර්ශනය තුළ මෙය වාත දෝෂය කෝපවීමෙන් සිදුවන රෝගී තත්ත්වයක් ලෙස සැලකෙන අතර, පිත සහ කප දෝෂයන්ගේ්ද මෙයට සම්බන්ධතාවයක් පැවැතිය හැකියි. ගුද මාර්ගය ආශ්‍රිත රෝගවලට හේතු
1. දීර්ඝ කාලීන මල බද්ධය
2. ආයුර්වේදයට අනුව අතිශයින් කටුක, තික්ෂණ, වියළි ආහාර වැඩිපුර ආහාරයට ගැනීම
3. ජලය පානය කිරීම අඩුවීම
4. දිගු වේලාවක් වාඩි වී සිටීම
5. ගර්භිණී තත්ත්වය මේ පරිකර්තිකා රෝගී තත්ත්වයේදී ගුද මාර්ගය ඉරීමක් වැනි තුවාලයක් ඇතිවේ.
මළබද්ධය ඇති පුද්ගලයන් අධිකව තැටැමීම හේතුවෙන් ගුදය ඇතුළත ඇති සිවිය ඉරීමකට ලක්වේ. එවිට මළ පිටකිරීමේදී වේදනාව ඇතිවේ.
ගර්භිණීන් දරුවන් ලැබීමට සිටීමේදී අධිකව තැටැමීම නිසා මෙය ඇතිවිය හැකිය. වයස පුද්ගලයින් සහ කුඩා දරුවන්ට මළබද්ධය ඇතිවූ විට මළපිට නොකර සිටීමෙන් මේ රෝගී තත්ත්වය ඇතිවේ.
රෝග ලක්ෂණ
1. මළ පිට කිරීමේදී කපන්නාක්, පලන්නක් මෙන් වේදනාවක් ඇතිවී මළ පිට කිරීමට අපහසු වීම
2.සුළු රුධිර ශ්‍රාවයක් දක්නට ලැබීම. මෙහිදී මළවල එක්පැත්තක පටියක් ආකාරයට රුධිරය ගැවී තිබෙන්නට පුළුවන.
මේ නිසා දරුවන් සහ බොහෝ පුද්ගලයන් මළ පිටකිරීමට අපහසුව දැනීම නිසාම බිය වීමකට ලක්වේ. ගුද ප්‍රදේශය ඇල්ලීමට පවා නොහැකි අපහසුතාවයක් වේදනාදාකාරී තත්ත්ව ඇති විය හැකිය. අන්තර්ජාලය ඇසුරෙන්..