පිටකොටුව, 2 වන හරස් වීදියේ පිහිටි ප්‍රකට වෙළඳසැල් ඉලක්ක කරගනිමින් අද දහවල් එකපාරටම ක්‍රියාත්මක වූ මෙම හදිසි වැටලීමේදී, රසකාරක හා ශරීරයට අතිශය අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන මුහුණු ආලේපන, සුවඳ විලවුන්, හිසකෙස් වර්ණක, සබන් වර්ග මෙන්ම Bleaching / Whitening Creams විශාල තොගයක් නිලධාරීන් භාරයට ගැනීමට සමත් වෙලා තියෙනවා කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ..
විමතියට කරුණ නම් මෙම වැටලීමේදී හමුවූ සම පැහැපත් කරන ක්‍රීම් වර්ග බොහොමයක නිෂ්පාදකයා කවුද, මෙරටට ආනයනය කළ සමාගම හෝ පුද්ගලයා කවුද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන්ව නොතිබීමයි... කිසිදු නිසි ප්‍රමිතියකින් තොරව සහ නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට තබා තිබූ මෙම අතිවිශාල නඩු භාණ්ඩ තොගය එම ස්ථානයේදීම සීල් තබා නිලධාරීන් භාරයට ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
නීත්‍යානුකූල ආනයනකරුවෙකු නොමැති සහ ප්‍රමිතියෙන් තොර මෙවැනි භයානක ආලේපන අලෙවි කිරීමෙන් වළකින ලෙසත්, මේවා ගෙනෙන මුදලාලිලා පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසත් නිලධාරීන් වෙළඳසැල් හිමියන්ට තරයේ අවවාද කරලා තියෙනවා කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ...
එමෙන්ම, මෙලෙස අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කරමින් අදාළ නීතිවිරෝධී වෙළඳුන්ට එරෙහිව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා...