අද (19) උදෑසන 10:00 ට විතර හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසළදී තමා මේ දරුණු අනතුර සිදුවෙලා තියෙන්නේ.
මෙසේ අවාසනාවන්ත ලෙස අකාලයේ ජීවිතයෙන් සමුගෙන ඇත්තේ නානුඔය ප්‍රදේශයේම පදිංචිව සිටි 37 හැවිරිදි තරුණියක්. අනතුර සිදුවූ සැනින් ඇයව බරපතල තුවාල සහිතව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තත්, ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවෙලා නැහැ.
වෑන් රථයේ රියදුරාගේ අතිශය අපරික්ෂාකාරී රිය ධාවනය නිසාම මෙම මාරක අනතුර සිදුව ඇති බවයි නානුඔය පොලිසිය සඳහන් කරන්නේ. අනතුරේ සැරටම වෑන් රථයට මෙන්ම යතුරුපැදියටත් බරපතල හානි සිදුව තිබෙනවා.
අහිංසක තරුණියකගේ ජීවිතය බිලිගත් ඒ අමන වෑන් රථයේ රියදුරාව නානුඔය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි....