ලංකාවට කිට්ටුවෙන් පහළ වායුගෝලයේ පොඩි කැළඹිලි ස්වභාවයක් නිර්මාණය වෙලා තියෙන නිසා අද (15) දවස නම් ගොඩක් අයට අඳුරු, සීතල දවසක් වේවි කියලයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියන්නේ. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වලටත්, අම්පාර සහ මඩකලපුව පැත්තටත් අද විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
නිකම්ම නෙවෙයි, මේ සමහර ප්රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි වැටෙන්නත් ලොකු ඉඩක් තියෙනවාලු!
මේ ප්රදේශවලට අමතරව දිවයිනේ අනිත් ප්රදේශවල ඉන්න අයටත් දවල් 1.00 න් පස්සේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්.
විශේෂ අවධානයට: ගිගුරුම් සහිත වැසි එනකොට ඇතිවෙන තාවකාලික තද සුළං වලින් සහ අකුණු වලින් පරිස්සම් වෙන්න කියලා බලධාරීන් විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා.
ඉතින් අද ගමන් බිමන් යන අය පොඩ්ඩක් කල්පනාවෙන්.