හැබැයි මේ පාර මේ කටකතාකාරයන්ගේ දැලට අහුවෙන්න ගියේ අපේ ක්‍රිකට් වීරයා ලසිත් මාලිංගවයි. හැබැයි මාලිංග තමන්ට එන මේ මඩ ප්‍රහාරවලට නිහඬව ඉඳලා නැහැ, නියම යෝකර් පන්දුවක් වගේ සැර උත්තරයක් ඔහුගේ නිල ෆේස්බුක් පිටුව හරහාම ලබා දීලා තියෙනවා.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා යම්කිසි පිරිසක් විසින් ලසිත් මාලිංගගේ මාමණ්ඩි "රේණුක පෙරේරා" නම් මහතෙකු බවට කටකතාවක් පතුරවමින් තිබුණා. මේ අමූලික බොරුවට තමයි මාලිංගට මේ විදිහට හොඳටම කේන්ති ගිහින් තියෙන්නේ.සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හරහා මාලිංග කෙළින්ම කියා සිටින්නේ, "රේණුක පෙරේරා මහතාට සිටිනුයේ පිරිමි ළමයින් දෙදෙනෙකු පමණි" කියලයි.
ඒ කියන්නේ අදාළ රේණුක පෙරේරා කියන මහත්මයාට දියණියන් නැහැ. ඉතින් ඒකෙන්ම තේරෙනවානේ මාලිංගගේ බිරිඳගේ පියා ඔහු නෙවෙයි කියලා. එතනින් නොනැවතුණු අපේ මාලිංග, මේ බොරු පතුරවන අයට කනට ගැහුවා වගේ අපූරු උපදෙසකුත් දීලා තියෙනවා.
"මගේ නම යොදාගෙන ගවයන් සේ හැසිරීමෙන් වලකින්න ස්තුතියි" යනුවෙන් ඔහු එහි තරයේ ප්‍රකාශ කරලා තියෙනවා.
ඒ වගේම, තමන්ගේ සැබෑ මාමණ්ඩිය ගැනත් මාලිංග අවසාන වශයෙන් හෙළිදරව්වක් කරලා තියෙනවා. "මගේ මාමණ්ඩි USA වල හොදට ජීවිතය ගෙවයි" කියලා ඔහු ඒ සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
