ඊට අමතරව වයඹ පළාතේ ද අද දිනයේ වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතිනවා.
එසේම, උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර යන පළාත්වල අද පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන සඳහා මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
මේ අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.