ඔන්න ඉතින් මේ ආදරණීය දෙන්නා ගැන මුළු සමාජ මාධ්‍යම හොල්ලන අලුත්ම නිවුස් එකක් වාර්තා වෙනවා...
සූරියා සහ ජ්‍යෝතිකා යළිත් වතාවක් විවාහ වෙලා.... හැබැයි මේක අලුත් විවාහයකට වඩා, ඔවුන්ගේ ආදරණීය විවාහ දිවියේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් විවාහ පොරොන්දු අලුත් කිරීමක් කිව්වොත් තමා හරියටම හරි.
පසුගිය සැප්තැම්බර් 11 වැනිදා චෙන්නායි හිදී පැවැත්වුණු මේ සුන්දර අවස්ථාවට ඔවුන්ගේ සමීපතම පවුලේ පිරිස සහ ආදරණීය මිතුරන් විතරක් එකතු කරගෙන තිබුණා. ඔවුන් මේ විශේෂ කටයුත්ත නම් කරලා තිබුණේ 'The Sequel' (දෙවැනි කොටස) මැයෙන් වීමත් විශේෂත්වයක්..
මේ උත්සවයේ ලස්සනම සිදුවීම වුණේ තමන්ගේ ආදරණීය පුතු 'දේව්' එක්ක ජ්‍යෝතිකා මනමාලියක් වගේ පැමිණි ආකාරය සහ දියණිය 'දියා' සමඟින් සූරියා පැමිණි ආකාරයයි. ඒ හරිම ආදරණීය රූප රාමු පෙළ මේ වෙනකොටත් ලැව් ගින්නක් වගේ වයිරල් වෙනවා.
සූරියා හෝ ජ්‍යෝතිකා කිතුනුවන් නොවුණත්, මෙම විවාහ ගිවිසුම් අලුත් කිරීමේ උත්සවය කිතුනු විවාහ උත්සවයක ආකෘතියට අනුව සංවිධානය කර තිබීම හැමෝගෙම අවධානයට ලක්වුණා. මේක සම්ප්‍රදායන්ට එහා ගිය, ඔවුන් මෙතෙක් ආපු ඒ සුන්දර ජීවන ගමනේ තවත් එක අමතක නොවන නැවතුමක් කිව්වොත් හරි.
