ඇයටම ආවේණික වුණු ඒ ආකර්ෂණීය සහ සුන්දර පෙනුම නිසාම ශෙහානිගේ අලුත් තොරතුරු දැනගන්න රසිකයොත් නිතරම වගේ ඉන්නේ හරිම උනන්දුවෙන්.
ඔන්න පසුගිය දවසක විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වුණු ශෙහානි, ඒ වෙලාවේ ගත්ත ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් ඇයගේ ෆේස්බුක් ගිණුමට එක්කරලා තිබුණා. මේ ෆොටෝස් ටික දැක්කම නම් කාට වුණත් දෙපාරක් හැරිලා බලන්න හිතෙනවා නොඅනුමානයි.
ඉතාමත් ආකර්ෂණීය කළු පැහැති ඇඳුමකින් සැරසිලා හිටිය ඇය, මේ ෆොටෝස්වල නම් හිටියේ පුදුමාකාර ලස්සනකින්. කළු ඇඳුමට ශෙහානිගේ රූ සපුව කොච්චර කැපිලා පේනවද කියනවා නම්, හරියට රෑ අහසේ පායපු තරුවක් වගේ ඇය මේ ඡායාරූපවලින් දිලිසෙනවා කියලයි රසිකයෝ නම් කියන්නේ.
ඇත්තටම කළු පාටින් හැඩවුණු ශෙහානිගේ මේ අලුත්ම ලුක් එක මේ දවස්වල සෝෂල් මීඩියා ඇතුළේ ලොකු කතාබහක් මවන්නත් සමත් වෙලා තියෙනවා!