තම විවාහ දිවියේ වසර 20ක දීර්ඝ හා ආදරණීය ගමන සමරමින්, ඔවුන් දෙදෙනා සිය සමීපතමයන් සහ දූ දරුවන් පිරිවරා ගනිමින් නැවත වරක් අතිනත ගත් අපූරු මොහොතක ඡායාරූප එකතුවක් තමයි මේ විදියට මුහුණු පොත හරහා හුවමාරු කරගෙන තියෙන්නේ..
සිය ආදරණීය දූ දරුවන් වන දියා සහ දේව් ද මෙම විශේෂ අවස්ථාවට එක්වෙමින් ලබාගත් පවුලේ ඡායාරූප මෙහි තවත් සුන්දරත්වයක් එක් කරනවා.
කාලය කොතරම් වෙනස් වුවත් ඔවුන් අතර ඇති ආදරයේ ප්‍රබලත්වය කිසිදා අඩු නොවන බව නැවත වරක් තහවුරු කළ මෙම ඡායාරූප එකතුව, සැබෑ ආදරයේ සුන්දරත්වය ලොවටම කියාපාන කදිම කැඩපතක්...
