මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැණික්හින්න, ලුණුකැඩියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන මෙම නැරඹුම් මධ්‍යස්ථානයේදී සිදු වූ අනතුර පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මධ්‍යම පළාත් කාර්යාලය මගින් යුද හමුදාව වෙත දැනුම් දී තිබුණා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 17 දෙනෙකුගෙන් සමන්විත සූරවීර කණ්ඩායමක් ඊයේ (16) විශේෂ මෙහෙයුමක් ආරම්භ කරලා තිබුණා...
අතිශය දුෂ්කර හා අවදානම් සහිත කඳුකර භූමි ප්‍රදේශය ඔස්සේ මීටර් 355ක් තරම් ගැඹුරු ප්‍රපාතයට බසින ලද කමාන්ඩෝ භට පිරිස්, විශේෂ මෙහෙයුම් ක්‍රමවේද භාවිත කරමින් මහත් වෙහෙසක් දරා අදාළ මෘතදේහය සොයාගැනීමට සමත් වෙලා තියෙනවා.
සොයාගත් මෘතදේහය ඉදිරි නීතිමය කටයුතු සහ පරීක්ෂණ සඳහා මේ වන විට උඩුදුම්බර පොලිසිය වෙත භාර දීලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ...